Author: Kesara Athipola

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූ‍ව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලුවක් නිර්මාණය වී ඇත. 2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලුවට අදාළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12 ක් සඳහා මෙම ගැටලුව විසඳීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවකින් පසු 2024.04.01 දින ඉදිරිපත් කර ඇත. තවද විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024.01.01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද 2024.04.10 දිනැතිව ඉදිරිපත් කර ඇත. මෙම…

තව කියවන්​න

කොළඹ නාලන්දා විද්‍යාලයේ 88 ආදි ශිෂ්‍ය කණ්ඩායම 4 වන වරටත් සංවිධානය කරන මහේල-සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟයේ ජය අත් කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණා. කාසි වාසිය දිනූ නාලන්දා කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ අනුව ත්‍රිත්ව කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි. රජිඳු තිලකරත්න ලකුණු 19 යි. පන්දු යැවීමේදී සජිත විතානගේ ලකුණු 14 ට කඩුලු හතරක් සහ මිනෝත් කල්දේරා ලකුණු 11 ට කඩුලු තුනක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නාලන්දා කණ්ඩායම ලකුණු 172 ක් රැස් කර සිටියදී සියලු දෙනා දැවී ගියා. නායක සජිත විතානගේ ලකුණු 40යි. සදෙව් සමරසිංහ…

තව කියවන්​න

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ ඊයේ (26) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය. www.garusaru.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර විස්සකට අදාළව ශ්‍රමිකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකුගේ නමකටම පුද්ගලිකව QR කේතයක් හිමි වේ. ත්‍රීරෝද රථ රියදුරු, මෝටර් රථ කාර්මික, කලාකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයින්, කිමිදුම්කරුවන්, දේශීය ගෘහ සේවිකා, ධීවර කර්මාන්තය, බේකරි සහ ආහාර…

තව කියවන්​න

කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියා කුඹුර ගම්මානය තුළ පිහිටි නිවාස 1500ක ජනතාවට බරපතළ ගැටලුවක්ව තිබූ පානීය ජල සම්පාදනය සඳහා විසඳුම් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ. මෙම ප්‍රදේශයේ පවුල් 750 ක පමණ ජනතාව උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා පානීය ජල පිරිපහදුව සහ ජල ටැංකි ප්‍රතිසංස්කරණය ඇතුළු ප්‍රධාන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විසි තුනක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව ඊයේ අමාත්‍ය සියඹලාපිටිය මහතා සහ කොටියාකුඹුර සංවර්ධන පදනමේ සාමාජික මහත්ම මහත්මීන් සමඟ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය . හැකි ඉක්මනින් අදාළ පාර්ශ්ව සමග එක්ව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග…

තව කියවන්​න

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000/-ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, Sports First පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු…

තව කියවන්​න

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය. එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න