- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි. මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලා.
රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යලි යතා තත්වයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි දුමරිය පාලක මැදිරිය සදහන් කලේ.
හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බවයි. අදාළ පිරිස අන්තර්ජාලය ඔස්සේ, මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 වනදා සිට විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ එම තනතුරට සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි . එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අද සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ .
උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරමාලාවක් දියත් කර ඇති අතර උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කරගෙනයි ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 7ට කළුතර සිට ගමන් ආරම්භ කළ දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවයි. දුම්රියේ පිටුපස එංජිමේ ගින්න හටගෙන ඇති අතර කළුතර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව බි්රක්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ ශ්‍රී ලාංකික සාම සාධක භටයින් දෙදෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාර ගැන දැඩි ලෙස කනගාටු වන බවයි අමාත්‍යවරයා සදහන් කලේ. මෙරට රැඳී සිටින විදෙස් රටවල විවිධ වූ නියෝජිතයන් සමග අමාත්‍ය විජිත හේරත් මහතාගේ හමුවක් ඊයේ පැවැත්වුණා. එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
තායිවානය සිය හමුදා සීරුවෙන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ තායිවානය අසල මුහුදේ චීනය විසින් යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන්. චීනය, තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාස පවත්වමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සතියේ තායිවාන ජනාධිපති විලියම් ලායි ,චීනය සම්බන්ධයෙන් විරුද්ධ අදහස් පළකිරීමට ප්‍රතිචාර ලෙස මෙය සිදු කෙරෙන බව සඳහන් වනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මෙය හෙළා දැක ඇති අතර, තම ආරක්ෂක හමුදා සීරුවෙන් තබා ඇති බවයි ප්‍රකාශ කළේ. තායිවානය වැඩිදුරටත් කියා සිටියේ චීනය හමුදා අභ්‍යාස සිදු කළ ද ගුවන් හා වරාය මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222