- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 4,532 ක් බව සඳහන්. මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බවයි.
ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවැනි පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇතිවූ වහාම +94 71 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් අනන්‍යතාව තහවුරැ කර ගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටියි.
උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා ඉරාකයේ ප්‍රසිද්ධ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර ඇත.
රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම සිදු වන බවයි. 2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් විය. එහෙත්…
දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න හට ගන්නා අවස්ථාවේ දී එහි 30දෙනෙකු පමණ සිට ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇත්තේ නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් බව බලධාරීන් සදහන් කරයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222