- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව ජනනි ධනංජනා ටී 47 කාණ්ඩයේ දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තා. ඇය එහිදී දක්වා ඇති දක්ෂතාව මීටර 5.23 ක්. ටී 46 කාණ්ඩයේ දුර පැනීම ඉසව්ව සඳහා තරග වැදුනු කුමුදු ප්‍රියංකා එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
පවතින අධ්‍යාපන ක්‍රමයට ජාතික මට්ටමෙන් සහ ප්‍රාදේශීය මට්ටමෙන් දේශපාලනඥයින් මැදිහත් වීම නුසුදුසු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා. ස්විඩනයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එරට පැවති ජන හමුවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළා.
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්‍යන්තර විශ්විද්‍යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධවලින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්‍රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය බලාපොරොත්තුවේ. මෙම අවස්ථාවට KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපදේශක ගලගම ධම්රංසි නාහිමියන්, එහි සභාපති ආචාර්ය ජගත් සෙනවිරත්න, අධ්‍යක්ෂ ආචාර්ය ITO KYO මහත්වරුන් ඇතුලු පිරිසක් එක්විය.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ඇත. ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇති බව සඳහන්.
වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසිගියදා පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222