- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති උත්සවයට එක්වෙමිනි. “සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිශ්ට වෙමින් ඉහළ…
බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්වය පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් ව ඇති අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සහ විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින භුමි අස්ථාවරත්වය අධ්‍යයනය කිරීමේ සහ ඇති විය හැකි අවදානම්/හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින්…
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ය.
වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික්…
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉලක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඇති අතර එම ගොවීන්ට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය නව තාක්ෂණය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222