- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
එතෙක් මෙතෙක් ලොව විශාලතම ගුවන්තොටුපොළ පර්යන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ඉදිකරන බව එරට උපජනාධිපති සහ ඩුබායි පරිපාලක ශේක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් නිවේදනය කර තිබෙනවා. පසුගියදා ගංවතුරට යට වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට දකුණු දෙසින් ඉදි කිරීමට අපේක්ෂිත එම ගුවන් පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 34.85ක් වැය වන බව සඳහන් වේ. වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260කට වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලසිය හැකි නව පර්යන්තය වර්ග කිලෝමීටර් 70ක වපසරියකින් සහ ගුවන්යානා ධාවන පථ 5කින් සමන්විත වනු ඇතැයි ද, ගුවන්යානා ප්‍රවේශ දොරටු ( terminal gates) 400කින් සමන්විත වනු ඇතැයි ද ශේක් අල් මක්තුම් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවිජනතාව සූදානම් කිරීම බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය කෘෂිකර්මාන්තයට තිත තබා නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘෂිකර්මාන්තයට ගොවි ජනතාව හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇති බවයි. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ රත්නපුර මහවැලි වලව විශේෂ බලප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ආරම්භ කළ ( SMART AGRICULTURE PACKAGE ) සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය. ‘Oceans with a Shared Future’ යන තේමාව යටතේ රටවල් 29 ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ (Central Military Commission) උප සභාපති Zhang Youxia මහතා විසින් සිදුකෙරිණි. එහි දී…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුකෙරිණ. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදී. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අතර වසර 2 ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර…
පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසඳුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරන ලදී. ඒ අනුව එම කමිටුව විසින් යෝජනා කරන ලද විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පසුගියදා ( 26) කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පොලිස් මූලස්ථානයේදී පොලිස්පති වෙත පිළිගන්වන ලදී.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222