Author: Kesara Athipola

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම නිල සංචාරයට එක් වෙති.

තව කියවන්​න

යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට මන්දිරයට රුසියානු ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති අතර මෙය හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට නිවසක් බවත් එය ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බවත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තව කියවන්​න

මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේදී අවුරුදු 29ක පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක පුෂ්ප කුමාර නැමැති අයෙකි. අදාළ පුද්ගලයා අනියම් බිරිය සමඟ මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේ මාස 06 කට ආසන්න කාලයක් කුලී නිවසක සිට ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී මෙම පුද්ගලයා සහ අනියම් බිරිඳ අතර බහින්බස්වීමක් දුරදිග යාමේදී අනියම් බිරිඳ ඔහුගෙන් වෙන්ව වෙනත් පුරුෂයෙක් සමග පලා ගිය නිසා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිස් විමසනවලදී අනාවරණය වී ඇත. මෙම මරණ පරීක්ෂණය මීගමුව මූලික රෝහලේ පවත්වන බව ප්‍රජා පොලිස් අංශයේ නිලධාරී චමින්ද මහතා (95360) අප කළ විමසීමකදී පැවසුවා.

තව කියවන්​න

චීන ජනාධිපති ෂී ජින්පිං යුරෝපා රටවල් වන ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිතයි. ඔහු එළඹෙන මැයි 5 වනදා සිට 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වන බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (29) නිවේදනය කර තිබුණා.

තව කියවන්​න

ඊශ්‍රා­යල  ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩ­ගැසී ඇති බව වාර්තා වේ. එමෙන්ම පිපි­රී­මට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමා­ණ­යක් ද ඒ අතර ඇතැයි ද එක්සත්  ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධානි පෙහ්ර්  ලෝඩා­මර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගාසා තීරයේ නේවා­සික  ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරී­මට වසර  14ක් ගත­වනු ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

තව කියවන්​න