Author: Kesara Athipola

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පැවසීය. උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් අද අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තව කියවන්​න

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම විශ්වාසය සිය කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් වෙනස්කම්  සිදු කරමින්  රට නිසි මාර්ගයට අවතීර්ණ කිරීමේ කාර්යට උර දුන් සියලු පාර්ශ්වයන්ට නිසි ගෞරවය හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන අභිමන් ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වසරේ පළමු මාස 04 අවසානයේ දී (අප්‍රේල් 25 වන විට) ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 757,000 ඉක්මවා ගොස් ඇතැයි කියා…

තව කියවන්​න

2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය වඩා ඵලදායී මට්ටමට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකවත්වය ලබා ගැනීමට රජය කටයුතු කරන බව පෙන්වා දෙන සේමසිංහ අමාත්‍යවරයා කියා සිටින්නේ එමගින් රජයට සිය මූලික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බවයි. විශේෂයෙන් ම ජනතාවගේ බදු…

තව කියවන්​න

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රතිපාදන මත සුහුරු තාක්ෂණ (SMART AGRICULTURE PACKAGE) භාණ්ඩ කට්ටල ලබා දීම ආරම්භ කෙරේ. වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යාල ශ්‍රවණාගාරයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප ජනතාව සඳහා මෙම සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම මුලින්ම ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කිරීමට පියවර…

තව කියවන්​න

2024.05.01 දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලු මැයි රැළි සඳහා අදාළ වනු ඇති බවයි. අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තව කියවන්​න