Author: Kesara Athipola

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70%කින් ඉහළ දමා නව වැටුප රු. 1700.00ක් දක්වා ඉහළ දැමීමට තීරණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස අභිනවයෙන් පත් වූ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පාකිස්ථාන නියෝජිත පිරිස ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී, අභිනව පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගේ නව පත්වීම පිළිබඳව උණුසුම් සුභ පැතුම් එක් කළ ආරක්‍ෂක ලේකම්වරයා, දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බව ද ප්‍රකාශ කළේය. කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව, සම්බන්ධ පුහුණු අවස්ථා සහ අන්‍යෝන්‍ය වගකීම්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින්. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව තිබේ. පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාවයි. නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කිරීමට ද මම මෙය…

තව කියවන්​න