Author: Kesara Athipola

කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීය. මෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් Hongfeng මහතා සඳහන් කළේ, “කොළඹ වරාය නගරය කලාපීය සැපයුම් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වන බැවින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ මෙම විශේෂ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට ලැබීම ගැන සතුටට…

තව කියවන්​න

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බව වැඩිදුරටත් සඳහන් වේ.

තව කියවන්​න

නාඳුනන තුවක්කුකරුවක් විසින් බටහිර ඇෆ්ගනිස්තානයේ හිරාත් ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මිය ගිය පිරිස අතර දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා ද සිටින බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් කාබුල් නුවර ඉරාන තානාපති කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වගකීම භාරගෙන නැතැයි ද වාර්තා වේ.

තව කියවන්​න

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටී තිබේ. සිදුවීමෙන් එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වේ. බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත. පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල දින ගණනාවක සිට පැතිරී යන පලස්තීන හිතවාදී විරෝධතා දරුණු අතට හැරී ඇතැයි ද, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසු සිසුවියන් නිව්යෝක් නුවර කොලම්බියා විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ලක් අත්පත් කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සමඟම අදාළ සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කිරීමට බලධාරින් පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අතර පෝට්ලන්ඩ් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සිය භාරයට ගෙන එහි සිසු සිසුවියන් විරෝධතාවක නිරතවන බවත්, ඔවුන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පොලිසියෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

තව කියවන්​න

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ඇති බවයි.

තව කියවන්​න