- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Kesara Athipola
පාකිස්තානයේ විදුලිබල පද්ධතිය පෞද්ගලික අංශයට ලබාදීම සඳහා එරට රජය සාකච්ඡා අවසන් කර ඇතැයි ද, ඒ අනුව ඉදිරියේදී එරට විදුලි බිල ඉහළ යනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගමැති ශෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් යුතු හවුල් රජය එරට විදුලිබල පද්ධතිය පෞද්ගලික සමාගම් 5කට ලබා දීමට තීරණය කර ඇති අතර, එහි පළමු අදියර යටතේ බලශක්ති සමාගම් නියෝජිතයන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉන්දියාවේ ගුජරාට් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඖෂධාගාර තුනක් වටලා ඉන්දීය රුපියල් කෝටි 300ක වටිනාකමින් යුතු මෙෆෙඩ්‍රොන් තහනම් ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැනීමට එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අතර එම ඖෂධාගාරවල මෙෆෙඩ්‍රොන් තහනම් ඖෂධය නිෂ්පාදනය කරන බවට ගුජරාට් පොලිසියේ ත්‍රස්ත විරෝධී ඒකකයට ලැබුණු ඔත්තුවක් මත එම වැටලීම සිදු කර ඇත.
ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරතව සිටි සරසවි සිසු සිසුවියන්ට ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමකින් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාල භූමියේ කඳවුරු බැඳ ඇති අවස්ථාවකයි. පෙරේදා රාත්‍රියේදී මුරකපොලු බිඳ දමමින් සරසවි භූමියට ඇතුළු වී ඇති මුහුණු ආවරණය කරගත් සිය ගණනාවක ඊශ්‍රායල හිතවාදීන් විරෝධතාවේ නිරත වූ සරසවි සිසුසිසුවියන්ගේ කූඩාරම් කඩා බිඳ දමා ඔවුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.
වතු හාම්පුතුන්ගේ සංගමය මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරත වන බව වාර්තා වනවා. ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය සම්බන්ධවයි. මේ සාකච්ඡාවේදී වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222