Author: Kesara Athipola

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද උදෑසන නිකුත්කළ එම නිවේදනය හෙට උදෑසන 8.00 දක්වා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ඊයේ දින පස්වරු . 11.30 වන විටත් උතුරු අක්ෂාංශ 11.8 සහ නාගෙනහිරිට අක්ෂාංශ 84.0 ආසන්නයේ කේන්ද්‍රගත වී පැවති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. එය බටහිරට බරව-වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දින උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ ආසන්න දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වනු ඇති.

තව කියවන්​න

ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බවටයි විදෙස් වාර්තා සඳහන් කලේ. එමෙන්ම මේ හේතුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවතට ගෙන යාම සඳහා සිංගප්පූරු සන්නද්ධ හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් චැංගි ගුවන් තොටුපළට ගොස් තිබෙනවා.

තව කියවන්​න

ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758කට අයත් පුද්ගලයින් 159,511 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් රෝගීන් හැකි ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.

තව කියවන්​න

පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තා නියමිත පරිදි ලබා නොදුන් ජනාධිපති අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවද අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කළා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වියදම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ද සහභාගිත්වයෙන්. අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව…

තව කියවන්​න

මහජන ධනය සුරැකීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ට ද වගවීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසියන් තෘප්තිමත් වන ආකාරයේ රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලුම රාජ්‍ය සේවකයින් කටයුතු කළ යුතු බවයි. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරුණා. ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව…

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යනතර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන විස්සයි 20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා . කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් රැස් කළා පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තා තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163යි ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට…

තව කියවන්​න

පර්සියානු ගල්ෆ් කලාපයේ දිගු දුර පුහුණුවීම් යෙදවීමේ කොටසක් ලෙස, පළමු පුහුණු බලඝණයේ ඉන්දීය නාවික නෞකාවක් වන ටීර් සහ ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක්වන වීරා නැමති නවුකාව බහරේනයේ මනමා වරායට ළඟා වී තිබෙනවා. ඉන්දීය නාවික හමුදාව සහ බහරේන් රාජකීය නාවික හමුදාව අතර නාවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරෙන බවයි ඉන්දීය නාවික හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙම යෙදවීමට විවිධ වෘත්තීය අන්තර්ක්‍රියා සහ ඒකාබද්ධ අභ්‍යාස ඇතුළත් බව ද ඉන්දීය නාවික හමුදාව පවසනවා. ඒ අනුව දෙරටෙහි නාවික හමුදාව යෝග සැසි, තූර්ය වාදක තරඟ, මිත්‍රශීලී ක්‍රීඩා තරඟ සහ ප්‍රජා සුබසාධන මුලපිරීම් ඇතුළුව සුහදත්වය වර්ධනය කිරීම සඳහා…

තව කියවන්​න

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන්. එම සේවකයින් හට එල්ල කර තිබු චෝදනව වන්නේ වැටලීම සිදු කරන අවස්ථාවේ ඖෂධාලයේ කංසා තිබූ බවටයි. මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර තිබෙන බවත් තීන්දුවේ සදහන්ව තිබුනා. අදාළ ඖෂධාලයේ හිමිකරුවූ සහ එහි සේවකයින් හතරදෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය…

තව කියවන්​න

2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසානය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල් වාරය 2025 වසරේ ජනාවාරි මස 17 වනදා අවසන් වීමටයි නියමිතව තිබුනේ. මේ අනුව තෙවන වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය ද 2025 වසරේ ජනවාරි මස 24 වනදායින් අවසන් වනු ඇති. වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව තෙවන පාසල් වාරය කල් දැමීමට තීරණය කල බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ. අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කරමින් ලිපියක් නිකුත් කර තිබෙනවා. එම ලිපියේ…

තව කියවන්​න

මෙරට රැඳී සිටියදී චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන්‍යක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණ වි තිබුනා. ඒ අනුව අදාළ පුද්ගලයන් මෙරට රැඳි සිටිමින් රැකියා කිරීම පිලිබදව ආගමන හා විගමන නියාමන පනත යටතේ විමර්ශන ක්‍රියාත්මකයි. අදාළ චීන ජාතිකයින් පිරිස මහනුවර,පල්ලෙකැලේ, නත්තරන්පොත සහ අතුල්කොට්ටේ යන ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

තව කියවන්​න