Author: Kesara Athipola

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන ඇති බව ද ඒ මහතා සඳහන් කරයි. අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ…

තව කියවන්​න

හෝමාගම ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හිටපු අමාත්‍ය, දිවංගත දේශපාලනඥ ගාමණී ජයසූරිය මහතාගේ සියවස් ඡන්ම දින අනුස්මරණයට සමගාමීව මීගොඩ මහ විද්‍යාලය, “ගාමණි ජයසූරිය විද්‍යාලය ” වශයෙන් නම් කර එහි විද්‍යාල නාමය එළිදැක්වීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. විද්‍යාලයේ ආදී කර්තෘ ගාමණී ජයසුරිය මහතාගේ නමින් “හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා සිදුකරන ලද විශේෂ ඉල්ලීමක් පරිදි ගාමණී ජයසුරිය විද්‍යාලය නාමය මෙලෙස එළිදැක්වීම සිදුකර තිබේ.

තව කියවන්​න

දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔවුන්ගේ විදේශ තානාපති කාර්යාල 5ක් සඳහා ත්‍රස්ත අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ දමා ඇත. එහි සඳහන් වන්නේ උතුරු කොරියාව එම තානාපති කාර්යාල නිලධාරීන් ට හිංසා කිරීමට ඉඩ ඇති බවයි. කාම්බෝජය, ලාඕසය, වියට්නාමයේ පිහිටි තානාපති කාර්යාල සහ රුසියාවේ හා චීනයේ පිහිටි දකුණු කොරියානු කොන්සල් කාර්යාල සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

තව කියවන්​න

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් 100කට ආසන්න සංඛ්‍යාවක බෝම්බ තර්ජන සහිත විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබීමෙන් දැඩි නොසන්සුන්තාවක් හටගත් බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබේ. ඊයේ අලුයම 4.00ට පමණ එම පණිවුඩ සියලුම පාසල්වල නිල විද්‍යුත් තැපෑලට ලැබී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. බෝම්බ තර්ජනය හේතුවෙන් දහස් සංඛ්‍යාත සිසුසිසුවියන් කළබලයට පත් වී ඇති අතර, ඔවුන්ගේ මාපියන් පාසල්වලට පැමිණීමෙන් ප්‍රදේශය පුරා නොසන්සුන්තාව ඉහළ ගිය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක නිරත වුණා. එම නිරීක්ෂණයෙන් අනතුරුව ඔහු සිය x ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබමින් බලය බෙදීම පිළ්ඊබඳ සඳහනක් කර තිබෙනවා. එම සටහන පහතින්. වසර විස්සකට වැඩි කාලයකට පසු නැවතත් යාපනයට පැමිණීම මට මහත් සංවේගජනකයි. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ මම කිහිප වතාවක්ම ආවා. මගේ හොඳ මිතුරන් සහ සගයන් බොහෝ දෙනෙක් ඝාතනයට ලක්ව ඇත, සිංහල සහ දෙමළ යන දෙදෙනාම. විශාල මිනිස් දුක් වේදනා! මම නැවත යාපනයට සහ කිලිනොච්චියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ මිත්‍ර නෝර්වීජියානු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමන්ෂු ගුලාටි සහ ProClime හි Kavin Kumar…

තව කියවන්​න