- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අත්හිටුවා ඇත්තේ ද්වී පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බවයි. ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවමින් සිටි බවයි. ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා ඇති බවයි. දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රජය සැම විටම ජනතාව වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා ඇත. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්‍රදර්ශනය කොට ඇති උපදේශන නීතිඥවරුන් වශයෙන් වෘත්තියෙහි නිරත වන නීතිඥවරුන් විසින් සපයනු ලබන සේවාව අගය කරමින් 2023 අංක 26 දරන පනතට අනුව මෙම බහුමානය පිරිනැමීමට කටයුතු කර තිබේ.
මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය. එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිත අතර 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා එනම් මැයි 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (30)…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222