Author: Kesara Athipola

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී ඊයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්‍රමික හරසර වැඩසටහනද ආරම්භ කෙරිණි. විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂිත සියලු දෙනාටම තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගැනීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමඟ මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. මේ අතර ඊශ්‍රායල් රැකියා සඳහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි…

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහි දී මොණරාගල දොඩම්ගොල්ල මහා විද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවකටද එක්විය. අනතුරුව එම විද්‍යාලයට විදුලි පාපැදි ලබා දීම ද සිදු වූ අතර පවත්නා ගැටලු පිළිබඳ ව සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස, බිබිල කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එච්. එම්. පී. කේ. හේරත්, එම විද්‍යාලයේ ඒ. එම්. ටිකිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් හා ගුරුවරුන්, දෙමාපියන් මෙන් ම සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

තව කියවන්​න

ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමග ම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි. මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇත. ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු…

තව කියවන්​න

මෙම වසර අවසන් වන තෙක් මෙරට එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කර සිටී. මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු අවධාරණය කළේය.

තව කියවන්​න

ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සභාපතිත්වය දරන කාලය තුළ සාර්ක් සංවර්ධන අරමුදලේ අරමුණු ඉටුකර ගැනීමට සහ තවදුරටත් ඉදිරියට ගෙනයාමට සාමාජික රටවල් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට මෙහි දී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ. එහි දී සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් හසන් මහමුද් අලි මහතා වෙත භාර දීම සිදු විය.

තව කියවන්​න