- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම වැඩසටහන ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂාවයි. ඒ අනුව සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද…
අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල් පදනම එක්ව සංවිධානය කරන ලද ගෝලීය සති සමුළුව 2024 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ඊයේ(3) පැවැත්විණි. මෙම අවස්ථාවට සතිපාසල පදනමේ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව නාහිමි අකුරැටියේ නන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගෝලීය සති සමුළුවේ සභාපති රන්ජන් වල්පොල යන මහත්වරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්විය.
“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222