Author: Kesara Athipola

2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වයන් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දේශීය තේ නිෂ්පාදන පරිමාවේ සුළු වාර්ෂික ලාභය මාර්තු මාසයේදී ඉවත් කර ඇති බවත්, 2023 මාර්තු මාසයට සාපේක්ෂව තේ නිෂ්පාදනය වසරකට කිලෝග්‍රෑම් මිලියන 2.5 කින් පමණ පහත වැටී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2024 පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදන පරිමාව පසුගිය වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් අඩු වී…

තව කියවන්​න

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රංශයේ සංචාරයක නිරතවනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් පිරීම නිමිත්තෙන් චීන ජනාධිපතිවරයා එහි ගොස් තිබෙනවා. 2019 වසරෙන් චීන ජනාධිපතිවරයාගේ පළමු යුරෝපා සංචාරය මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කරන්දෙණිය, ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ…

තව කියවන්​න

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලට ලබාදීමට කටයුතු කර ඇත. මෙම නව CT Scan යන්ත්‍රය මගින් දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට CT Scanner පරීක්ෂණ…

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් විය. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදි අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී…

තව කියවන්​න

පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කළ හැකි බවත් තරුණ පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට සියලුදෙනා එක් විය යුතු බවත් මහවැලි ජනපදිකයන් වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපතිවරයා සඳහන් කෙරීය. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පසුගියදා පෙරවරුවේ එක් වෙමිනි. රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන…

තව කියවන්​න