Author: Kesara Athipola

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශාක නිරෝධායන සේවාව මෙතෙක් කොළඹට සීමා වී තිබුණු නිසා උතුර, නැගෙනහිර, දකුණ හා මධ්‍යම පළාත්වල ජනතාවට ශාක නිරෝධායන සේවාවන් ලබා ගැනීමේ දී විශාල මුදලක් දරමින් හා කාලය, ශ්‍රමය වැය කරමින් කොළඹට පැමිණීමට සිදුවිය. විශේෂයෙන් ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට මේ නිසා තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිළි කර තිබිණි. මෙම තත්ත්වය සම්බන්ධව අවධානය…

තව කියවන්​න

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි. පොළොන්නරුව තිවංක පිළිම ගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට සංස්කෘතික අරමුදලේ මැදිහත්වීම ඇතිව මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර බිතු සිතුවම් පිළිබඳ අධ්‍යයනය කර ඡායාරූප 1140 කට ආසන්න ප්‍රමාණයක් ගෙන එම සිතුවම් එකම තලයකට ගෙන සංරක්ෂණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ඔහු…

තව කියවන්​න

බෝගම්බර බන්ධනාගාරය පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීමට පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. මෙහිදී බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති අතර, විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමග එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි “මග නැගුම මහ මැදුර” පරිශ්‍රයෙහි හත්වැනි මහලෙහි විවෘත කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් ඉදිරියේදී සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම යටතට පත් කිරීමට නියමිත අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

තව කියවන්​න

පහළ යමින් තිබූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ යළි ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. සතිය ආරම්භයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83.19ක් ලෙස වාර්තාවූ අතර WTI බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 78.39 ලෙසයි. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාම සාකච්ඡාවලදී තීරණයකට එළඹීමට නොහැකිවීම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

තව කියවන්​න

දින හතරක් පුරා ජල ප්‍රශ්නයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය. තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශ්වයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ” ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සහභාගීවෙමින් සිටි අමාත්‍ය මනූෂ නානායකකාර මහතා හමුවී පැවසුවේය. මේ පිළිබඳව ජනාධිපතිතුමාගේත් විෂය භාර අමාත්‍යතුමියගේත් අවධානය යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ඒ අනුව එම ස්ථානයට ඊයේ රාත්‍රියේම පැමිණි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, වනජීවී, වනසංරක්ෂණ සහ වාරි මාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ මෙම තත්ත්වය දුරකථනයෙන් සාකච්ඡා…

තව කියවන්​න

පාසල් පද්ධතිය තුළ මෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් සතිමත්බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් නිසි මානසික ඒකාග්‍රතාවකින් යුතු ව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමටත් ගුරුභවතුන්ට නිසි ලෙස ඉගැන්වීම් සිදු කිරීමටත් අවකාශ සැලසෙන අතර එමගින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස, වඩාත් කාර්යක්ෂ්ම හා ඵලදායී අයුරින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවති ගෝලීය සති සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

තව කියවන්​න