- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත. කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදා රණවිරුවන් විශාල සංඛ්‍යාවක් සිය ජීවිත රට වෙනුවෙන් පූජා කළ අතර ඒ හා සමාන රණවිරුවන් සංඛ්‍යාවක් ආබාධ වලට ලක්විය. සෑම වසරකම මැයි මස මුල් සතියේ සන්නද්ධ හමුදා සේනාධිනායක…
ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා ය.
මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටි අතර ජිනීවා ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (GICHD) සහ එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම මෙම සමුළුව සංවිධානය කර තිබිණි. ප්‍රධාන අතුරු සාකච්ඡා හතරකින් සමන්විත මෙම සමුළුවේදී එක් සාකච්ඡා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. සත්‍යානන්ද හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්ද්‍රිරන් යන මහත්වරුන්ය. මානුෂවාදී…
ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (Integrated National Financial Framework) සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අවපාතයත් සමඟ ඒ සදහා බෙහෙවින් ඉවහල් වන ලද ක්ෂේත්‍රයන් සඳහා හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍ර ප්‍රමුඛ අංශයන් ලෙස සලකා කටයුතු කිරීමට රජය ගෙන ඇති තීරණය මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒ සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පළ කරන ලදී. මෙම බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (INFF) මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට එළඹ ඇති තිරසර සංවර්ධන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222