Author: Kesara Athipola

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

තව කියවන්​න

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කරනු ලබනවා. සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, මෙම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් පසුගිය…

තව කියවන්​න

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන යෝජනාව පිළිගන්නා බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳ කටාර් සහ ඊජිප්තු මැදිහත් කරුවන්ට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම තීරණයත් සමග ගාසා තීරයේ අල් අක්සා රෝහලෙන පිටතට පැමිණි පිරිස් ප්‍රීතියෙන් ගායනා කරමින් සතුට සැමරීමටද කටයුතු කර තිබෙනවා. ඒ අනුව සටන් විරාමය සඳහා එකඟ වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ගැනීම ඊශ්‍රායලය සතු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 55 වැනි තරඟයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 173ක් රැස් කළා. එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 30දී ලකුණු 48ක් සහ නායක පැට් කමින්ස් පන්දු 17දී නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී නායක හර්ඩික් පාන්ඩ්‍ය සහ පියුෂ් චව්ලා කඩුලු 3 බැගින් බිඳ හෙළුවා. මෙහිදී නුවන් තුෂාර පන්දු වාර 4ක් ක්‍රියාත්මක කළද ඔහුට කඩුලු ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර…

තව කියවන්​න

උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සඳහා වන සාකච්ඡාවක් ඩාර්පි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත් වූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. මෙලෙස තමා පක්ෂ මූලස්ථානයට වසර 05කට පසු පැමිණි බවයි එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරිය සඳහන් කළේ.

තව කියවන්​න

යල කන්නයේ වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලට අද සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් මුදල් බැර කිරීමට නියමිතයි. වී වගාව සඳහා බන්ඩි පොහොර යෙදීම පසුගිය කන්න කිහිපයේදී අවම වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණ වීම සඳහා බන්ඩි පොහොර භාවිතා කිරීමය අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තව කියවන්​න

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා ලබන මැයි මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරතකර සිටි එක් සැකකරුවෙකු ඊයේ ඇප මත මුදාහැර තිබුණා. මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතායි.

තව කියවන්​න

මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 10 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා අත්හිටුවීමට අදාල විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න