Author: Kesara Athipola

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කුලියාපිටිය – වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ නම් ආහාර අලෙවිසැලැක් පවත්වාගෙන ගිය තරුණයෙක්. පසුගිය 22 වැනිදා සුසිත් සිය මිතුරකු සමග කුලියාපිටිය වස්සාමුල්ල ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීමට ගොස් තිබූ අතර ඔහු මිතුරාට නැවත යන ලෙසත්, දුරකතන ඇමතුමක් ලබාදුන් විට ආපසු පැමිණෙන ලෙසත් කියා තිබුණා. නමුත් ඉන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර සුසිත්ගේ 18 හැවිරිදි පෙම්වතිය, ඇගේ මව, පියා මෙන්ම වයස අවුරුදු 08 සහ 12 වයස්වල පසුවන සහෝදරියන්…

තව කියවන්​න