- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි හදිසි අවස්ථාවක දී ඒ පිළිබඳ විමසීම සඳහා 011 233 8812 හෝ 011 771 1194 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.
ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ආරක්ෂක ලේකම් හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා. කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුටත් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරනු ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ඇය යොමු කර ඇති ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගන්නා බවයි.
මහ මැතිවරණයට අදාළව ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අද රජයේ මුද්‍රණාලය වෙත භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබද අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා ඊයේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබුණා. මෙවර මැතිවරණයේදී ඡන්දදායකයෙකු වෙනුවෙන් එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 109කට අඩු අගයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැතිවරණ කොමිසමට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ අදහස් පලකළා.
ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. ඉදිරි අවුරුදු 10 තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බවත් ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරීම පිළිබද නිර්ණායක සංශෝධනයට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ හා සම්බන්ධ ආයතන ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳවද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ . පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සතිපතා නිකුත් කරනු ලබනවා. වෙළඳපොළේ සිදුවන උච්චාවචයනයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණක් බවයි සඳහන් වන්නේ . සාධාරණ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව අතට පත්කිරීම මෙහි තවත් අරමුණක් වනවා.
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35ක පුද්ගලයෙක්. සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර දී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමයි
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222