Author: Kesara Athipola

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළවයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුණා.

තව කියවන්​න

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන සුදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂයේ ශාකා සමිති බලගැන්වීමේ වැඩසටහන් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

තව කියවන්​න

හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 57 වැනි තරඟයෙන් කඩුළු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 165ක් රැස් කළා. එහිදී ආයුෂ් බාදෝනී පන්දු 30දී නොදැවී ලකුණු 55ක් සහ නිකලස් පූරන් පන්දු 26දී නොදැවී ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙළුවා. මෙහිදී සිය මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ විජයකාන්ත් වියස්කාන්ත් පන්වාර 4ක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ඔහුට එරෙහිව ලක්නව් පිතිකරුන්ට රැස් කරගැනීමට හැකි වුණේ…

තව කියවන්​න

ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළහොත් ආයුධ සැපයීම නවතා දමන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු ගාසා තීරයේ පිහිටි මෙම රෆා නගරය මේ වන විට හමාස් සංවිධානයේ අසන් බලකොටුව බවට පත්ව ඇති අතර, එම නගරයේ විශාල වශයෙන් සිවිල් ජනතාව රැඳී සිටින බවයි විදේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව ඊශ්‍රායලය විසින් රෆා නගරය ආක්‍රමණය කළහොත් එහි රැඳී සිටින සිවිල් වැසියන්ට හානි සිදු විය හැකි බැවින් ජනාධිපති ජෝ බයිඩන් මෙලෙස අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් අමෙරිකාවේ ස්ථීර සහ වාචික විරෝධය නොතකා ඊශ්‍රායලය රෆා නගරයේ විශාල ආක්‍රමණයක් සිදු කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්…

තව කියවන්​න

අහුංගල්ල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී මෙම පුද්ගලයාට ඊයේ පස්වරු 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැම් පාර්ශව තමන්ට අමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙසට විවිධ බලපෑම් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. කොටහේන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට ගෙන යන වැඩපිළිවෙල අත් නොහරින බවයි ටිරාන් අලස් මහතා සදහන් කලේ.

තව කියවන්​න

කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. නව ග්‍රාම නිලධාරීන් ලෙස බදවා ගත් දෙදහස් එකසිය දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩසටන් සාර්ථක කර ගැනීමට සක්‍රියව දායක

තව කියවන්​න

බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇතැයි ද , තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය පවසයි. බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කළ ද බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්‍රභේදයක් නිපදවීමට නොහැකි විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය…

තව කියවන්​න

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කළ අතර ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ ඒ මහතා ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසී ය.

තව කියවන්​න