Author: Kesara Athipola

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව මෙහි දී නැවතත් තහවුරු වී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව සිදු කරන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථික ස්ථායීකරණය වැඩපිලිවෙළ හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබදව මෙහි දී සාකච්ඡා කර ඇත.

තව කියවන්​න

ඩුබායිහි Shiek Ahamed මහතා හමු වූ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දෙරට අතර පවත්නා සංචාරක අවස්ථාවන් පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් කරනු ලැබීය. ඔහු දැනට ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරියේ (ඩීසීඒඒ) සභාපති, එමිරේට්ස් එන්බීඩී හි සභාපති, ඩුබායි ගුවන්තොටුපළේ සභාපති සහ ඩීනාටා ඇතුළත් එමිරේට්ස් එයාර්ලයින් සහ සමූහයේ සභාපති මෙන්ම ප්‍රධාන විධායකවරයා ද වේ. ඩුබායි සඳහා ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සැකසීමේ වගකීම දරන ඩුබායි විධායක කවුන්සිලයේ ප්‍රමුඛයෙකු, ඩුබායි හි උත්තරීතර මූල්‍ය කමිටුවේ සභාපති සහ ඩුබායි හි ආයෝජන සංස්ථාවේ (ICD) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ඇතුළුව බලගතු රජයේ තනතුරු කිහිපයක් ද ෂෙයික් අහමඩ් දරයි.

තව කියවන්​න

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශන සභා කමිටු රැස්වීම පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදි පැවැත්විණ. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සමාජිකයින් 21ක් ගෙන් සමන්විත මෙම ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශන සභාව මගින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබයි.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පස්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරඟ 4ම ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වන විට තරඟාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

තව කියවන්​න

රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර, එහිදී ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව පාර්සල් 36ක අසුරා තිබු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 278ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. මෙම සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියෙකු වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලන ජනරාල්වරයා අද රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. ගැටළුකාරි විසා ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙම කැදවීම සිදුකර ඇති බවයි රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ. සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සදහන් කර තිබෙනවා.

තව කියවන්​න