- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණි. තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වේ. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට තේ වගාකරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්‍රමානුකූලව අඩු වීමක් පෙන්නුම් කරයි. මේ නිසා තේ සඳහා යොදනු ලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිල ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය. තේ සඳහා…
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත පසුගියදා (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ අතර වැටලීමෙන් කිලෝග්රෑම් 1625ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයා ගැනීමට හැකි විය. කැස්බෑව, කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” නිෂ්පාදනය කරමින් තිබියදී මෙම වැටලීම සිදුකළ අතර එහි දී කිලෝග්රෑම් 1500ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයාගැනීමට හැකි විය. මේ අතර බෙල්ලන්විල, පන්සල පාරේ ලොරි රථයක ගබඩාකර තිබුණු කිලෝග්රෑම් 125ක…
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතී. මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි වේ. මෙම ව්‍යාපෘති දෙක කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සහ යූෂින් එන්ජිනියරින්, බෝසන් පවර්ටෙක් සහ ස්කොට්‍රා සමාගම්වල තාක්ෂණික සහ ඉදිකිරීම් සහය මත ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වූ අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වේ. දැනට ඉදි කිරීම් සිදු…
බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන්, මතුව ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුව විසඳීම සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (09) පැවැත්විණි. පා.ම. ඉමිතියාස් බාකිර් මාකාර් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද, පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීහු, බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා, බේරුවල නගර සභාවේ නිලධාරීහු මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, පොලිසිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් සභා කසළ කළමනාකරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ආදී අදාළ සියලු ආයතනවල නියෝජිතයෝ ද කැඳවා තිබිණි.
වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි. 2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයකි. 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා…
වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේ දී ම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව සහ ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි. සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222