Author: Kesara Athipola

වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්, මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තව කියවන්​න

තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. බුද්ධශාසන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලු‍ම් කළ හැකි බවත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලු‍ම වියදම් රජය විසින් දරන බව‍ත් ය. තායිලන්ත රජුගේ ජන්ම දිනය මුලික කරගනිමින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවත් වැඩි කරගැනීමේ අරමුණින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් තාවකාලික පැවිද්ද සඳහා යොමු කරන බවයි බුද්ධශාසන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) එක්විය. ‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, එය මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300කින් සමන්විතය. මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිවලින් ද සමන්විත මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ. දෙස් විදෙස් වෙළෙඳ…

තව කියවන්​න

“යුක්තිය” මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ සිටින බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පවසනවා. එමෙන්ම මෙම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 3ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන ඇති බවද සඳහන්.

තව කියවන්​න

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකය, හෘද රෝග ප්‍රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කරන ලදී. රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක ද ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම නිරත විය. එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන…

තව කියවන්​න

දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක මාසික වැටුප ඉල්ලීමට ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය පහර දුන් සිදුවීමක් වාර්තා වේ. පහර කෑ කාන්තාව සිදුවීමෙන් පසු දිවුලපිටිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්ය අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි. දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන අදාළ ව්‍යාපාර ආයතනයේ සේවක සේවිකාවන්ට මාසික වැටුප නිසි ලෙස නොලැබීම නිසා සේවකයෝ දිවුලපිටිය පොලිස් ස්ථානයේ පැමිණිලි රැසක් දමා ඇති බව අප කළ විමසීමකදී දිවුලපිටි පොලිසිය පවසයි. පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණිය මහතා වැඩිදුර විමර්ශන පවත්වයි.

තව කියවන්​න