- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර ඇති බව අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් දක්වා තිබේ. මේ පිළිබඳව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී. ඩී.යූ. කේ. සෙනෙවිආරච්චි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. එස්. සෝමරත්න වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ශ්‍රි ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සිදු කරනු ලබන “DIGIECON…
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම, පුරපුපාඩු යාවත්කාලින කිරිම, වෛද්‍ය සැපයීම් අංශය (MSD) ඖෂධවේදීන් හට ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්, සියළුම අධ්‍යයන කටයුතු අවසන් කර සිටින ඖෂධවේදී කණ්ඩායමේ පත්වීම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාධවීම, වර්තමාන ඖෂධ කළමණාකරණ පද්ධතිය වන “ස්වස්ථා”” දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු ඇතුලු ගැටළු කිහිපයක් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත…
නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවිෂ්ට කරවීම වෙනුවෙන්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා සමගාමී වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සඳහා වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා වාණිජ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවක් ඊයේ (10) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ. ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීමට විභවතා ඇති, විවිධ අංශ නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හදුනා ගැනීමත්, දීර්ඝ කාලීන සැලසුමක් යටතේ ඔවුන්ට අවශ්‍යය නිරන්තර තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීමත් මෙම වැඩසටහනේ අරමුණයි. මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය හා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ එළවලු මිල තවත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එළවලු වර්ග කිහිපයක කිලෝවක මිල ගණන් දැක්වුණේ පහත ආකාරයට වේ. කැරට් මිල රුපියල් 150 මෑ කරල් මිල රුපියල් 50 බිට්රුට් මිල රුපියල් 70 බෝංචි මිල රුපියල් 150 බණ්ඩක්කා මිල රුපියල් 50 කැකිරි මිල රුපියල් 60 තක්කාලි මිල රුපියල් 50 කරවිල මිල රුපියල් 50 අමු මිරිස් මිල රුපියල් 150
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දකුණු පළාතේවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජල ගැලීම්වලට කොටුවූ තවත් 150කට වැඩි පිරිසක් උදව් අපේක්ෂාවෙන් පසුවන බැවින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් පවතින අයහපත් තත්ත්වය හමුවේ මෙහෙයුම් අසීරු වී ඇති බව වාර්තා වෙයි. ඉන් වැඩිම බලපෑම් එල්ලවූයේ ධාරාණිපාත වැසි ඇදහැලුණු බග්ලාන් කලාපයටය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222