- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
ජනතා විමුක්ති පෙරමුණ කුමන සමීක්ෂණ ගැන පැවසුවද ඒ සියල්ලක්ම සාර්ථකව සිදු කල ඒවා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා . එමෙන්ම නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයින්ට ජනතාව ඡන්දය ලබානොදෙන බවයි කොළඹ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සදහන් . එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .
ජනාධිපතිවරණයක් ප්‍රථමයෙන් පවත්වන බවට මැතිවරණ කොමිසම නිවේදනය කළද ජනතාවට පළමුව මුහුණ දීමට සිදුවන්නේ මහ මැතිවරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ කොළඹ පැවති ජනරැලියකට එක්වෙමින්
තායිවානයේ නැඟෙනහිර තායිවානයේ මුහුදුබඩ ආශ්‍රිත පළාතක ඊයේ රිච්ටර් මාපකයේ 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇත. එම භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැඟිලි ද සුළු දෙදරීමකට ලක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ. භූ කම්පනයෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා. ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ඊයේ දිනයේ දී රුපියල් 175,700ක් ලෙස මිල සටහන් වූ “කැරට් 22” රන් පවුමක මිල අද පෙරවරුවේ රුපියල් 177,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 193,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයකට අවතීර්ණ වී තිබුණා. ඒ අනුව තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බවයි එම සංගමය පවසන්න් එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222