Author: Kesara Athipola

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව 10.30 සිට පස්වරු 05 දක්වා ආනයන පාලන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, විසර්ජන පනත යටතේ යෝජනා 06ක් ඇතුලු නියෝග කිහිපයක් පිළිබඳ විවිදාය පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සර්ජි ෂොයිගු ඉන් ඉවත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තනතුර සඳහා නියෝජ්‍ය අගමැති ඇන්ඩි්‍ර බෙලූසොව් පත් කිරීමට තීරණය කර ඇති බවට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ සභා ගර්භය විසින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දිගුකාලීන මිතුරෙකු වන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබෙනවා. යුක්රේන – රුසියා යුද්ධයේදී ෂොයිගු ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. ඊයේ පැවති පළමු තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 141ක් රැස් කළා. එහිදී රියන් පරාග් පන්දු 35දී නොදැවී ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී සිමාර්ජීත් සිං ලකුණු 26ට කඩුලු 3ක්සහ තුෂාර් දේෂ්පාන්ඩේ ලකුණු 30ට කඩුලු 2ක් බිඳ හෙලුවා. ඒ අනුව පිළිතුරු…

තව කියවන්​න

දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනේදීයී.

තව කියවන්​න

මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා. එහි ආසන්නතම වර්ජනය ක්‍රියාත්මක කෙරුණේ උතුරුමැද පළාත කේන්ද්‍ර කරගනිමින්. එහි මීළග පියවර ලෙස අද දිනයේදී මධ්‍යම පළාතේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.

තව කියවන්​න