- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ පාසලකින් ඔහුගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව මින් ඉදිරියට මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පියවර ගෙන තිබෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යූහ කමිටුව මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූණා.
එළඹෙන මහ මැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව එහි විධායක සභික කේ.ඩී ලාල් කාන්තා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රි ආසන ජාතික ජන බලවේගය දිනා ගැනීමට අපේක්ෂා කරන බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.
මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,383 ක්. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,284 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිරිපුර – මුදුන්ගම ප්‍රදේශයේදී වන අලි පහරක් දීමක් හේතුවෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති අතර පසුව ඇයව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ සිරිපුර ප්‍රදේශයේ පදිංචි 63 න් වන විහු පසුවන කාන්තාවක්. සිද්ධිය සම්බන්යෙධයෙන් සිරිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
ඉන්දු – කැනඩා සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිම භාර ගත යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කැනඩාව, ඉන්දියාවට සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව එල්ල කිරීමට තෝරාගෙන ඇති බරපතල චෝදනාවලට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණා.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 කි. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් වියදම් කල් හැකි වියදම රු 82 ක් දැක්වෙනවා .එය වියදම් කල හැකි සිමාව අඩුම දිස්ත්‍රික්කය වෙනවා. එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ජනගහනය, ජන ඝනත්වය, භූමි ප්‍රමාණය සලකා බලමින් අදාළ ගණනය කිරීම් සිදුකර තිබෙනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තුන්වන 20විස්ස තරගය අද පැවැත්වෙනවා රන්ගිරි දබුලු ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේදී අද රාත්‍රී 7ට අරමභ විමට නියමිතයි. තරග 03න සමන්විත 20න විස්ස ත්ගවලියේ කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තරග දෙකම එක බැගින් ජයගෙන තිබීමද විශේෂත්වයක් . එම හේතුවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වන මෙම තරගය ජයගැනීම කණ්ඩායම් 02ටම වැදගත් වනවා.
උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමටයි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත් වුණේ. ලද තොරතුරකට අනුව අද පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගත්තේ. වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225ක් ද මහමීගස්සෑගම පිහිටි නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරු ගලෙන්බිඳුනුවැව මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් ඉන්ධන තොගය හා සැකකරු…
අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා, බීජිං හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා. නමුත් චීනය කිසිවිටෙක තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින බව ද ඔහු එහි දී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, චීනයට එරෙහිව තායිවානයෙන් එල්ල වන බාහිර බලවේග අමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සහ තායිවානයේ බෙදුම්වාදීන්ගේ ඉතා සුළු සංඛ්‍යාවක් මිස තායිවානයේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් නොවන බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා. තායිවානය සතුව කොපමණ භට පිරිසක් සිටියත්, කොපමණ ආයුධ ලබා ගත්තත්, බාහිර බලවේග මැදිහත් වුවත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222