Author: Kesara Athipola

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.

තව කියවන්​න

එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ රංගන ශිල්පියාද වනවා. 1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි වියේ පසුවුණා. ඔහුගේ දියණිය ඊයේ මෙම කණගාටුදායක පුවත තහවුරු කර ඇති අතර, ඔහු මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ඇය සඳහන් කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි. ඊයේ පස්වරුවේ එම සිසුවා මරණයට පත් වූ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් පරික්ෂාවට ලක් කල අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

තව කියවන්​න

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාරත සහ දෙව්නුවර යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබි ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කළා

තව කියවන්​න

මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මෙහිදී දෙරටේ ද්විපාර්ශවික සබඳතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

තව කියවන්​න

ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ අනතුරු අඟවනවා. එම සුළි කුනාටුව හෙට දිනයේදී ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය අතර ප්‍රදේශයෙන් ගොඩබිමට පැමිණෙනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන අතර මේ වනවිට සුළගේ වේගය පැයට කිලෝමීටර 120 දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසට අනතුරු අඟවා ඇති බවයි ඉන්දීය කලගුණ අංශ අනතුරු අගවන්නේ. එමෙන්ම දුම්රිය ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමටය පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කලා. එවන එක්දින තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා ඊයේ දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කල අතර තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකිවුනා සංචාරක බටහිර ඉන්දීය…

තව කියවන්​න

ජනතා අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගය සංවිධායන කරන ජන රැලි මාලාවේ පොළොන්නරුව නගරයේ පැවැති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. වංචනිකයින්ට සහ දුෂිතයින්ට දඩුවම් ලබා දීම සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පලකළා.

තව කියවන්​න

වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් ඊට අදාළ තොරතුරු රැස්කර ගන්නා බවයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සදහන් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් උපදෙස් පරිදි එම වැඩපිළවෙල ආරම්භ කර ඇති බවයි එන්.එම්. වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යම් තොරතුරු මත ආරක්ෂක මණ්ඩලය රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි.

තව කියවන්​න