Author: Kesara Athipola
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ලිපියක් යවා තිබෙනවා. එම ලිපිය , “ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යන මාතෘකාව යටතේ සකසා ඇත්තේ පිටු 13කින් සමන්විතවයි. එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම මෙරටට වාසිදායක ලෙස සකස් කර නොගැනීම තුලින් යළි බංකොලොත්භාවට පත්වීමේ අත්දැකීමට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බවයි. ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම වත්මන් ආණ්ඩුව සතු බවයි අදාළ ලිපියේ සදහන්ව ඇත්තේ.
අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. මේ අතර මියගිය මහජන නියෝජිතයින්ගෙන් අය විය යුතු හිඟ ජල ගාස්තු අය කරගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා තිබෙනවා. මේ හිග මුදල් සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දක්වා ඇති ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසන්නේ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිග මුදල් සාමාන්‍ය පරිභෝගිකයන් ලෙස සලකා අය කර ගන්නා බවයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා අප වාර්තාකරු පැවසුවේ රියදුරාට රථය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුව ඇති මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරට ලක්ව ඇත්තේ, මත්තල දෙස සිට කරාපිටිය රෝහල වෙත ගමන් කරමින් තිබූ මෝටර් රථයක්. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව විදුහල්පතිවරියක් බවද සඳහන්.
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණා.
අග්නිදිග ආසියානු දූපත් සමූහයට මේ වසරේ බලපෑ මාරාන්තිකම කුණාටුව ලෙස සැලකෙන ට්‍රාමී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ට්‍රාමී සුලි කුණාටුව සැලකෙන්නේ අග්නිදිග ආසියානු දූපත් සමුහය වෙත මේ වසරේ බලපෑ මාරාන්තික සහ විනාශකාරීම කුණාටුව ලෙසයි. මෙම කුණාටුවේ මේ වසරේ ඇති වූ 20 වැනි කුණාටුව ලෙස ද සැලකෙනවා. ට්‍රාමී සුලි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ලවුයේ පිලිපීනයේ ලූසන් දිවයිනට වන අතර පුද්ගලයින් 130 දෙනෙකුට ඉන් දිවි අහිමි වුණා.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව එම කොමිෂන් සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුනා . මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, යෝජිත සමාලෝචනයන් අද දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි
පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින පස්වරුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම වැටළිම සිදු කරන අවස්ථාවේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය වන වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75 ක්, ජෙලටනයිට් කූරූ 90 ක්, ඩෙටනේටර් කුරූ 300 ක් හා සේවා නූල් 05 ක් සමඟ සැකකරුවන් සන්තකයේ තිබු බවයි. සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුර සදහන් කලේ.
විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් වන අතර අලින් සදහා සකස් කල විදුලි වැටේ විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වීම හේතුවෙන් දරුවා එහි ස්පර්ශය විමෙන් මරණයට පත් වූ බවයි සදහන් වන්නේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසනවා . පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණ නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටනු ලැබුවා මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222