- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
යෝජිත නව විදුලිබල පනත පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන එහි සාධනීය තැන් සලකා බැලීමෙන් අනතුරුව පනතේ ජනතාවාදී සංශෝධන කිහිපයක් සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සදහන් කළේ විදුලි සේවකයන් දැනට ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද ප්‍රතිසංස්කරණ වලින් පසුවද ඒ අයුරින්ම පවත්වාගෙන යෑම සඳහා තම කාරක සභාව යෝජනා කළ බවයි. වී FM සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මෙම අදහස් පළ කළා.
මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා. එම ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ – මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ (06) විවෘත කෙරුණා. එම කාර්යාලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රජය ගත් ජනප්‍රිය නොවන තීන්දු හේතුවෙන් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා (04) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වර්තමානයේ බඩු මිල අඩුවන්නේ වසර දෙකක් තිස්සේ ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා බවත්, ගෑස් මිල, ඩීසල් මිල අඩු වන්නේ ඒ ආයතන ආරක්ෂා කර ශක්තිමත් කිරීමට නිසි අවස්ථාවේ තීන්දු ගත් නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 08 වැනි තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගැරෙත් ඩිලේනි පන්දු 14දී ලකුණු 26ක් රැස් කළා. පන්දු යැවීමේදී හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 27ට කඩුලු 03ක් බිඳ හෙලූ අතර, අර්ශදීප් සිං සහ ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 97ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය…
ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී සිය භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා සිය භාරයට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 28ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන බව සඳහන්. මෙම පුද්ගලයන් දෙදෙනා මෙන්ම නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම පිළිබද ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. අදාළ පෙත්සම ඊයේ විභාගයට ගනු ලැබුවේ අගවිනුසුරු ජයන්ත ජයසුරිය මහතා ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි. මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මැතිවරණ කොමිසම විසින් ගෙන තිබු බවයි. එහෙත් රජය විසින් ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් ඊට අදාළව මැතිවරණ කොමිසමට චෝදනා එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. අදාළ පෙත්සම් විභාගය අතරතුර අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේ කුමන බාධා පැමිණිය ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ…
කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන (KOFO) ආයතනයේ නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව තුළ අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වූ ව්‍යාපෘතිය පිළිබඳව එම නිලධාරීහු කථානායකවරයා දැනුවත් කළහ. මෙය මූලිකවම දැනුම හුවමාරු කරගැනීමේ ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වන බව කොරියානු අධිකරණ වෛද්‍ය උපදේශන සහ අධ්‍යාපන ආයතනයේ නිලධාරීහු පෙන්වා දුන්හ. අපරාධ සඳහා ප්‍රතිචාර දැක්වීම් හා බෝවන රෝග පිළිබඳව පුළුල්ව හඳුනා ගැනීමේ පුහුණු වැඩසටහන මේ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බව ද…
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන 05 තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මෙම තෝරා ගැනීම සිදු කර ඇත. මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම වර්ෂයේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222