Author: Kesara Athipola

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේදී ශ්‍රි ලංකාවේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රකාශිකා ජුලී කොසැක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තව කියවන්​න

තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පසුගියදා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා 2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ද දරුවන්ට ලබා ඇති අතර ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් සඳහා ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇණවුම භාර දී ඇති බව වැඩිදුරටත් පැවසීය. පසුගිය 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ක්‍රියා කළ බවත් මෙම වර්ෂයේ දී එම ප්‍රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වූ බවත්…

තව කියවන්​න

පාසල් දරුවන් මිලියනයකට පමණ ලබා දෙමින් පැවති පාසල් දිවා ආහාරය මේ වන විට රජය වෙන් කරන බිලියන 16 සහ වෙනත් පාර්ශ්වවල ද දායකත්වය ලබා ගනිමින් රුපියල් බිලියන 26ක් වැය කරමින් සිසුන් මිලියන 1.7කට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සිසුන් 100ට අඩුවෙන් සිටින සියලු ම පාසල්වල සිසුන්ටත් ජාතික පාසල්වල හැර අනෙකුත් පාසල්වල සියලු ප්‍රාථමික අංශවල සිසුන්ටත් වශයෙන් පාසල් 9000කට ආසන්න සංඛ්‍යාවක සිසු සිසුවියන්ට මෙම පාසල් ‍දිවා ආහාරය ලබා දෙන බවත් හෙතෙම පැවසීය.

තව කියවන්​න

2019/2020 වර්ෂයන්හි උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සමත් වූ සිසුන් සඳහා හෙද ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසයන්වලදී දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර, මුල් වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට නොහැකි අපේක්ෂයින් සඳහා, සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමේ අවස්ථාවක් 2024 මැයි මස 26 ලබා දී තිබේ. සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වූ අපේක්ෂකයින් අතරින් හෙද ඩිප්ලෝමා පුහුණුව සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයින්ගේ නාම ලේඛනය, ප්‍රසිද්ධ කිරීමට පෙර අදාළ Z අගය තහවුරු කර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයට යොමු කොට ඇති අතර එම අගයන් පිළිබද තොරතුරු ජූලි මාසයේ දී ලබා…

තව කියවන්​න

වසර පහක් පමණ නොදී තිබූ විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන් බවත් වැඩබලන විදුහල්පතිවරුන් 1800ක් ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග එක් ව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ගුරු හිඟය පියවීම සඳහා ද පියවර ගනිමින් සිටින අතර ගුරු සහායකයන් 2535 ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත් පළාත් මට්ටමින් නව ගුරු පත්වීම් 6000ක් පමණ දීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය. එසේ ම ජාතික පාසල්වලට ද තව සති දෙකක් තුළ විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශයන්ගෙන් ගුරුවරුන් 2000ක් පමණ සියලු ම ජාතික පාසල්වලට පත්වීම් ලබා දීමට නියමිත බව ද ඒ මහතා…

තව කියවන්​න