Author: Kesara Athipola

පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. කෙසේවෙතත් එය අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි.

තව කියවන්​න

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අතර, එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය. ආදිවාසී ජනතාවට පවතින ගැටලු විසදීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ…

තව කියවන්​න

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි. දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා අපනයනය කිරීමට ගැටලු පැවති බවත් මෙය නිරාකරණය කිරීම මගින් විශාල ආදායමක් රජයට ලබාගත හැකි බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මින් පෙර පැවති කමිටු රැස්වීමේදීද පෙන්වා දෙන ලදි. මේ අනුව මේ සම්බන්ධයෙන් පැවති ගැටළු සාකච්ඡා කර ඒවා විසදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු…

තව කියවන්​න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ චීනයේ නොරින්කෝ පුද්ගලික ආයතනය ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ඇ.ඩො. මිලියන 20ක ආයෝජනයක්‌ වන ජෛව කාබන් ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (06) ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ. මේ සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු එක් වූහ. අදාළ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් සහ ලබා ගැනීමට මෙහි දී කටයුතු කර ඇත.

තව කියවන්​න