- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Kesara Athipola
ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බවත්, මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මන්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය – 2024 (World No Tobacco Day – 2024) වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩසටහනට එක් වෙමිනි ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන්…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියල්ල සිදු කරන්නේ දරුවන්ගේ අපතේ යන කාලය බේරා දෙමින් නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21…
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය. රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී. මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කර තිබේ. රථ වාහන නිෂ්පාදනය කරන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222