Author: Kesara Athipola

වියානා අගනුවර බලා පැමිනෙමින් තිබූ ඔස්ට්‍රියානු ගුවන් සමාගමට අයත් එයාර්බස් A 320 යානාවක් හිම කුණාටුවකට හසුවීමෙන් හානි සිදුවී තිබෙනවා. කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් මගීන් හෝ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙත කිසිදු හානියක් සිදු වී නොමැති බව මාධ්‍ය වාර්තා පවසනවා.

තව කියවන්​න

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡාවක් ලබාදී තිබේ. අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත නමුත් එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මේ වන තෙක් තමන් නොදන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළා.

තව කියවන්​න

මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා. ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ. මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය කියා සිටියේය.

තව කියවන්​න

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා පැවැත්විණි. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරු මෙන්ම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු, මඩකලපුව නගර සභාවේ කොමසාරිස්, ඉදිකිරීම් සමාගමේ හිමිකරු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරිහු ද ඊට එක්ව සිටියහ. මඩකලපුව මහජන පුස්තකාලය සඳහා දැනට වෙන්කර ඇති, රුපියල් මිලියන 345ට අමතරව වැයවන මුදල් සොයා ගැනීමට අවශ්‍ය…

තව කියවන්​න

මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්‍රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් පසුගියදා (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පෞද්ගලික මැදිහත් වීම මත 2024 වර්ෂය සඳහා මෙම ප්‍රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වී තිබෙන අතර මෙවර විශේෂත්වයක් වූයේ සෑම දරුවකුට ම එක සමාන ගුණාත්මකභාවයකින් යුත් නිල ඇඳුම් ලබා දීමේ අරමුණෙන් ඉතිරි 20%ක පාසල් නිල ඇඳුම්…

තව කියවන්​න