Author: Kesara Athipola

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි. ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙහි පළමු දිනයේ (08) විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.…

තව කියවන්​න

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බවයි. අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව සඳහන් කළ අමාත්‍යවරයා පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව…

තව කියවන්​න

ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිකුරාදා කෝපන්හේගන්හි වීදියකදී සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනිය කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තව කියවන්​න

නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මෙම හමුවීම සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න