- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
2024.02.20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම අනුමතිය ලබා දීම සිදු විය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු ඊට අදාළ කටයුතු සදහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත. මෙම පනත් කෙටුම්පත සහ ඊට අදාළව සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් මීට පෙර…
ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා, “1957 ලංගමය ජනසතු කරන්න බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවලා ඒ පනත පිලිප් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අවස්ථාවේ ලංගම කෑල්ලෙන් කෑල්ල ගමු කියලා විශාල විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණා.පිලිප් ගුණවර්ධන මැතිතුමා පැවසු පරිදි එක දවසින් ගන්න ඕනේ කියන තේමාව යටතේ මහ රාත්‍රිය පුරා උදේ පාන්දර වෙනකන් ලංකාව පුරා තිබුණු ඒ ඩිපෝ සේවක මහත්වරුන් ජන සතු කළා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු පළ පළමු බස් රථය තවම තියෙනවා. ඈත එපිට ගම්මානවල ජනතාව එදිනෙදා…
තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන් හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය. මෙහිදී, පොලිතීන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සම්බන්ධයෙන් අත් පත්‍රිකා ද බෙදා දෙමින් වෙළෙඳ මහතුන් දැනුම්වත් කළ අතර නීති විරෝධී පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන විකිණීමට තිබේ ද යන්න පිළිබඳව සොයා බලා වාචික අවවාද කිරීම් ද සිදු කෙරිණ. ජගත් පරිසර දිනය නිමිත්තෙන් පැවැති මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන, රජය ප්‍රකාශයට පත් කළ “ජගත් පරිසර සතියට” සමගාමීව ජූනි මස 04 වැනි දිනට යෙදී තිබුණු “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” වෙනුවෙන් සංවිධාන කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු…
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ වන විට අතපසු වූ අධ්‍යයන…
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (10) සිදු විය. ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් මහතා පැවසීය. අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222