- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා අවස්ථා හිමිවූ ලාංකිකයින් 46 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදීම, විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) කාණ්ඩය යටතේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ 7 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම හා ජපානයේ IRO වැඩසටහන යටතේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභින් ලෙස ඉදිකිරීම් හා සාත්තු සේවා රැකියා සඳහා, ජපානය වෙත යාමට සුදුසුකම් ලැබූ 21 දෙනෙකු වෙත සුදුසුකම් සහතික ලබාදීම පසුගියදා සිදු කෙරිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණ. මෙම රැකියාලාභීන් ඉදිරියේදී ඊශ්‍රායලය, ජපානය හා දකුණු කොරියාව බලාපිටත්ව යාමට නියමිතයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා,…
කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි. ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ද මේ වන විට ක්‍රියාත්මකයි. මෙම පෙරහුරු පරීක්ෂණ ආරම්භ කෙරුණේ පසුගිය 05 වන දා සිටයි. දිනෙන් දින ඉහළ යන ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසඳීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පැවරී තිබිණි. කැලණිය හා පුත්තලම කසල…
මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (05) නිර්දේශය ලබා දී තිබේ. ඒ අනුව කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යූ. එල්. එම්. ජවුහාර් මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ආචාර්ය) සුලක්ෂණ ජයවර්ධන මහතාගේ යෝග්‍යතාවය පරීක්ෂා කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව එම තනතුරු සඳහා ඔවුන් පත් කිරීම යෝග්‍ය බවට නිර්දේශ ලබා දී ඇත. මීට අමතරව, ඊජිප්තවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස යෝග්‍යතාවය පරීක්ෂාකොට නිර්දේශ කොට තිබූ එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මිය රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරිය ලෙස පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබේ. කථානායක ගරු මහින්ද…
නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. එබැවින් මෙය වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව හෙතෙම අවධාරණය කරයි. නැවත පියවීමේ අපේක්ෂාවෙන් ලබා ගන්නා මෙම මුදල හේතුවෙන් අයවැය පරතරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පසුගිය වසර කිහිපයක තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදු විය. ග්‍රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ…
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පිරිනැමීය. ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ (10) දින පැවැත්විණි. ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222