Author: Kesara Athipola

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ගැනිණි. කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින්…

තව කියවන්​න

මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඊයේ (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ – Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙන ලද අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000/= කට අධිකය. මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනූව මෙරටට ලැබුණු පළමු ඖෂධ තොගය මෙයවේ. එම…

තව කියවන්​න

සංවර්ධනය වමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය – 2024 සඳහා සහභාගී වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා (10) රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේ දී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රවලද ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ. මෙම හමුවේ දී, අමාත්‍ය සබ්රි මහතා, රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ ගැටලුව කෙරෙහි රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඔහුගේ සහය ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය…

තව කියවන්​න

ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය මැක් හයිසර් ක්‍රිඩාංගනයේදී ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. වර්තමානයේදී ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන අතර එහිදි ඔවුන් මිනිස් වෙළෙඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය හා මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිප ව්‍යාප්තව සිදුකරනු ලබයි. මේ මගින් රටේ ජනතාව විදේශ රැකියා වංචාවන්ගෙන් වළක්වා ගැනීමට රාජ්‍ය…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6000ක් වෙනුවෙන් මසකට රුපියල් 6000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී ඇත. ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිතය. ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ…

තව කියවන්​න

මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන සම්බන්ධ ගැටලුව පිළිබඳ සැලැස්මක් සකස් කර ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ඡාවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පසුගිය මැයි 21 රාත්‍රී කාලයේ දී මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන පරික්ෂා කළ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට භාර දුන්නේ ඒ පිළිබඳව සැලැස්මක් සකස් කර ජූනි මස 11 ට පෙර ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව පසුගියදා (10) රැස් වී එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු සාකච්ජා කර එයට විසඳුම් ලබා දී ඇති අතර මෙම සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

තව කියවන්​න

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී සිදුවිය. මේ අවස්ථාව සමඟින් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, හිටපු කථානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති සහ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති…

තව කියවන්​න

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් ඊයේ(10) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අබාන්ස් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ රුසී පැස්ටෝංජි, ප්‍රධාන වෙළඳ නිලධාරි අචාර්ය චතුර ජයවර්ධන, සාමාන්‍යාධිකාරි සී ජනරංග යන මහත්වරුන්, එම විද්‍යාලයන් හී විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන්ද එක් විය. මෙහි දී එම සිසුන් අබාන්ස් ආයතනය මගින් විශේෂ ඇගයීමකට ලක් කළ අතර එහි දී එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදුවිය.

තව කියවන්​න