- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ. මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමඟ දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමන ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කළේය. මෙම දෙළුම් විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂය වේ. අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට (High Density Double…
ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. විස්මිත වූ ආකර්ෂණීය විවිධතාවලින් සුන්දර වූ සොඳුරු දිවයින ස්වභාවික සුන්දරත්වයෙන්, සංස්කෘතියෙන් පොහොසත් ආසියාවේ සුන්දරතම පාරාදීසයක් වන අතර මේ අභිමානය බෙදා ගනිමින් සොඳුරු ඉසව් සොයා යාමට ලොවට ආරාධනා කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් පසුගියදා (11) අමාත්‍යාංශය වෙත පිළිගනු ලැබුණි. ශ්‍රී ලංකා විදේශ සේවයේ වැදගත් කාර්යභාරය සහ රාජ්‍ය සේවකයන් ලෙස සියලුම නිලධාරීන්ගේ විශේෂ වගකීම් පිළිබඳව විදේශ ලේකම්වරිය එහි දී අවධාරණය කළාය. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ඇතුළු නවීන රාජ්‍යතාන්ත්‍රික ලෝකයට අවශ්‍ය කුසලතා පිළිබඳවද ඇය සඳහන් කළාය. මෙම නව නිලධාරීන් විසි දෙනා විවෘත තරඟ විභාගයක් හා සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගන්නා ලද අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පත්කිරීම් සිදු කෙරුණි. අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට පෙර…
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. සනාතනන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆර්සානා හනීෆා, ජාතික සමගිය හා ප්රතිසන්ධාන කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි යන මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව 2023-05-22 වනදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222