- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ (EMED) සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක්, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ජාතික ඇගැයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ ජාතික ඇගැයීම් සංස්කෘතිය ස්ථාපිත කිරීම සහ ඇගයීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව බංගලාදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට…
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩමුළුව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති එහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කොළඹ දී ආරම්භ විය. ඉන්දියාව, පකිස්තානය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 15ක නියෝජිතයන් 40ක පමණ පිරිසක් එක්ව සිටින මෙම නේවාසික පුහුණු වැඩමුළුව මේ මස 11 සිට 14 දින දක්වා කොළඹ දී පැවැත්වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්‍රධානී මැතිව් සලික් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ වැඩමුළුවේ දී පෞද්ගලික ඉලක්ක සැකසීම, අවස්ථා සහ අභියෝග, පෞද්ගලික කළමනාකරණය, නායකත්වය සහ කළමනාකරණ කුසලතා සහ සංස්කෘතික බුද්ධිය ඇතුළු මාතෘකා පිළිබඳ විවිධ සැසිවාර…
දකුණු ආසියාවේ ප්‍රථම බදු ගෙවන්නන්ගේ අදහස් සමීක්ෂණය එළිදැක්වීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බදු ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බැවින් බදු ප්‍රතිපත්ති පිළිබඳ මහජන අවබෝධය තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය ඉතා වැදගත් වේ. රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමාජ බැදීම් ශක්තිමත් කිරීම සහ බදු පිළිබද අවබෝධය ඉහළ නැංවීම සඳහා මෙම සොයාගැනීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සංවිධාන කරන ලද සාධාරණ බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදයේ කොටසකි.
ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායමක් වෙතද බලය පවරා ජංගම සේවා ක්‍රියාත්මක කිරිමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ලෝටස් ලොන්ජ් ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මාධ්‍ය වෙත නිරාවරණය කළ එම අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ වල ඡායාරූප පහතින්.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලද අනියම්, කොන්ත්‍රාත්, දෛනික හා පුහුණු පදනම යටතේ සිටි කොන්දොස්තර, රියදුරු, ලිපිකරු ඇතුලු සියලුම තනතුරුවල සිටින අය සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (12) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙණි. ශ්‍රී ලංගමට ඓතිහාසික දවසක් සනිටුවහන් කරමින් නව සේවක ව්‍යවස්ථාවට අනුව 26014 එකවර ස්ථිර සේවයේ පිහිටුවීම මෙහිදී සිදුකෙරිණි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222