- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Kesara Athipola
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත පත් කිරීම සිදු කර ඇත.’
අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ(14) පස්වරුවේ එක්වෙමිනි. දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.
ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සහ සෑම දිස්ත්‍රික්කයකම සහකාර කොමසාරිස්වරුන් නියෝජ්‍ය කොමසාරිස්වරු හා විභාග පරීක්ෂකවරු සමඟ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම ක්‍රමවේදය දැනට ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්වල ක්‍රියාත්මකව පවතී. එය මෙහිදී තෙවන පාර්ශවය රිය අනතුරකට ලක් වූ විට අධිකරණ ක්රියාමාර්ගයකින් තොරව වන්දියක් ලබා ගැනීමේ විකල්ප ක්‍රමයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනය 2024-03-01 දින සිට හදුන්වා දී ඇති අතර එමගින් උපරිම වන්දි මුදල ලක්ෂ 05 දක්වා ලබා ගැනීමේ හැකියාවක් හිමි වේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය…
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව…
පාර්ලිමේන්තුව ජූනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය ජුනි 6 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව ජූනි 18 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, 2360/62 සහ 2360/63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222