Author: Kesara Athipola
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බි්‍රතාන්‍යයේ පැවැත්වෙන 2024 ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරයි. එම තරගාවලිය යටතේ ඔහු සරේ කණ්ඩායම නියෝජනය කරමින් සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කරනු ලැබුවා. විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න නගා ඇත්තේ එම තරගයේදීයි . ඒ අනුව ශකිබ්ට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දෙන ලෙසට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව සදහන්. ඉදිරි සති දෙක තුළ දී ඔහු එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇති. මෙය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු…
අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිතයි. මෙම ජනපතිවරණයෙන් තේරී පත්වන පුද්ගලයා 2025 වසරේ ජනවාරි මස 20 වනදා එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස කැපිටල් සංකීර්ණ භූමියේදී දිවුරුම් දෙනු ඇති. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරණ කටයුතු ඊයේ දිනයේ සිදු කෙරුනා. ඒ අනුව කමලා හැරිස් පෙන්සිල්වේනියාවේත් , ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් යන ප්‍රාන්ත වල සිය අවසන් මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදු කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. මිලියන 75 කට වැඩි පිරිසක් අද දිනය වන විටත් මෙම මැතිවරණයට අදාලව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 126ක් මැතිවරණ නීති උල්ලඝනය කිරීම් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව වාර්තා වී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණයි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට මේ දක්වා මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1535ක්. ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි අතරින් 1248ක් මේ වන විට විසඳා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවත් පැමිණිලි 287ක් විසඳීමට කටයුතු කරමින් පවතින බවයි.
ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් බවයි එහි සභාපතිවරයා සදහන් කළේ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගතව අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ නොවැම්බර් මස 30 වනදා දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, අනෙකුත් අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා. පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම්කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කරමින් අයදුම් කළ යුතුයි. ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන හෝ අඅඅගදබකසබැැං්පිගටදඩගකන වෙත පිවිස අයදුම්පත්…
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව හෙට දිනයේ දී ඔවුන් රැස් වී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මහ මැතිවරණය නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තුන්වන දිනය ඊයේ සාර්ථකව පැවැත්වුණා . මෙම දින වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට නොවැම්බර් මස 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා ඒ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දීයි.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා. එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කලා ඔයට මුදා හරිනු ඇති. එබැවින් කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන වාරි ඉංජිනේරුවරයා පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මධ්‍යම, ඌව, සබරගමුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. විශේෂයෙන් වැසි සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇති බවයි සඳහන් වන්නේ.
ස්පාඤ්ඤයේ රජු හා රැජිණ ගංවතුරෙන් පීඩාවට පත් වැලෙන්සියා හි සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෝපයට පත් විරෝධතාකරුවන් විසින් ස්පාඤ්ඤයේ රජු හා රැජිනට එහිදී දෝෂාරෝපණ එල්ල කළ බවයි වාර්තා වන්නේ. මිනීමරුවා යන වදන් භාවිත කරමින් ඔවුන් කෑගැසීමට කටයුතු කර බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. කලාපයේ දරුණුතම බලපෑමට ලක් වූ පයිපෝටා නගරයද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222