Author: Kesara Athipola

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි. ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම , රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් ඊයේ (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය. රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ…

තව කියවන්​න

කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටු සංකීර්ණය (වසර 30 කට පසු) මෙම වසර තුල ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා (15) පෙරවරුවේ ඇල්පිටිය කහදූව පූරාණ මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය…

තව කියවන්​න

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් සමත් රියදුරු උපදේශකවරුන් 475 දෙනෙකු සහ සහකාර රියදුරු උපදේශකවරුන් 75 දෙනෙකු සඳහා අදාල බලපත්‍රය ලබාදීම මෙහිදී සිදුවිය. අවසන් වරට රියදුරු උපදේශක උපදේශිකාවන් සහකාර උපදේශකවරුන් බලපත් ලබා දී ඇත්තේ 2016 වසරේදීය.මෙම බලපත්‍ර 2022 වසරේ පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වූ අය සඳහාද මෙම බලපත්‍රය ලබාදෙන ලදී. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත වීරතුංග මහතා හා එහි…

තව කියවන්​න