Author: Kesara Athipola

අධිකරණ අමාත්‍යාංශයේ විශය පථයට අදාළ තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගන්නා බව අධිකරණ අමාත්‍යාංයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පවසනවා. අධිකරණ අමාත්‍යාංශයේ විශය පථයට අදාළව 2022 වසරේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔමු මේ බව සඳහන් කළා.

තව කියවන්​න

ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 කට වැඩි පිරිසක් මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයේ සිදුවූ මෙම නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව බවද එම වාර්තා පවසයි. මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙයි. ඒ සඳහා බැකෝ යන්ත්‍ර පවා යොදා ගන්නා බවද වාර්තා වේ.

තව කියවන්​න

ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2300ක් පමණ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි කී අමාත්‍යවරයා මෙමගින් දක්ෂ ම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.2014 වර්ෂය වන…

තව කියවන්​න