- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Kesara Athipola
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා . රටේ ජනාධිපති වුවද ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන්නේනම් ඊට විරුද්ධව සැවොම එක්ව හඩ නැගිය යුතු බවයි කොළොඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ .
රට ආර්ථික පරිහානියට යෑමේ ප්‍රධන හේතුව ආණ්ඩුව ගත් සියලු තීරණ විපක්ෂය විසින් මුසාබස් පවසා විනාශ කිරීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් .
විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට එස්තෝනියානු පිතිකරු සහිල් චෞහාන් ඊයේ සමත් වුණා. සයිප්‍රස් කණ්ඩායම සමග පැවැති තරගයකදී ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ පන්දු 27 කින් සිය ශතකය සම්පූර්ණ කරමින්. එම තරගයේ දී ඔහු පන්දු 41 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. ඔහු විසින් බිද දමන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේ දී නැමීබියාවේ ජාන් නිකොල් ලොෆ්ටි විසින් පන්දු 33 කින් ශතකයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. තරඟය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පෙරවරු 10ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරඟ එකට බිංදුවක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසුවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222