- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Kesara Athipola
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 78ක් රැස් කළා. එහිදී ලෝකි ෆර්ගසන් කඩුලු 03ක් බිඳ හෙළීමටයි සමත් වුණේ. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 79ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී ඩෙවෝන් කොන්වේ ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුනා.
මෙම සතියේ පාර්ලිමේන්තු අද සිට ලබන 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ ඇති නියෝග පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.
වත්මන් ජනාධිපතිවරයා සෑම මසකම විදේශීය සංචාරයක නිරතවන බව ජාතික ජනබලවේගය පවසනවා . එම සෑම අවස්ථාවකම බොහෝ පිරිසක් ධුත පිරිසක් ලෙස රැගෙන යමින් විනෝදවන බවයි එම පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කොළොඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩි දුරටත් කියාසිටියේ .
රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා . ඒ අනුව කෝපා කමිටුව මෙම සතියේ දී දින තුනක් රැස්වීමට නියමිතයි . එමෙන්ම අද දින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර හෙට දින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව ද සඳහන්. මීට අමතරව එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිතයි . එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කරන සියලු යෝජනා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකගවීමට කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා . රටට සහ ජනතාවට අහිතකර තීරණ කිසිවිටකත් ජනහිතකාමී ජනාධිපති වරයෙකුලෙස රනිල් වික්‍රමසිංහ මහතා නොගන්නා බවයි කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222