- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Kesara Athipola
වසරේ ගත වූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 24ක් සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. එහිදී එම ධීවර යාත්‍රා වල සිටි ධීවරයන් 182ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ දිනයේදී ධීවරයන් සිව් දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීම වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් එම රැස්වීම ව්‍යවස්ථා වීරෝධි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පාර්ශවය සඳහන් කරනවා.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන 26 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි. ජීප් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී මාර්ගය හරස්කර මෝටර් රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා. එම ව්‍යාපාරිකයාගෙන් මිලදී ගත් ත්‍රිරෝද රථයක් කල්බදු අතපසු වූ රථයක් බවට අනාවරණය වීමෙන් හටගත් මතභේදයක් මුල්කරගනිමින් මෙලෙස පැහැරගැනීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බෙන්තොට නිවසක රඳවාගෙන පහරදී, ත්‍රිරෝද රථය සඳහා ලබාගත් මුදල් යළි ලබාදෙන බවට ලිපියකට අත්සන් ගැනීමෙන් පසු ව්‍යාපාරිකයාව ඊයේ…
සර්ව ජන බලය සංවිධානය කරන ජන රැළිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 69 ලක්ෂයක බලාපොරොත්තු බලගැන්වීම තේමා කර ගනිමින් මෙම ජන රැළය අද පස්වරු 2ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීටයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම අවස්ථාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන මන්ත්‍රීවරුන් මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාද එක්වීමට නියමිතයි.
රැකියා විරහිත උපාධිධාරීන් කඩිනමින් රැකියාවලට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා අද දිනයේදී කොළඹට රැස් වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. 2020 ජනවාරි පළමු වැනිදා සිට රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් 35,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවයි එම සංගමය සඳහන් කළේ. මෙම පිරිස පවතින පුරප්පාඩු සඳහා බඳවා ගන්න ලෙස බලධාන් සමග සිදු කළ සාකච්ඡා අසාර්තක වී ඇති අතර, ඒ අනුව මෙලෙස අද දිනයේ කොළඹට රැස්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
දකුණු ඉතාලියේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී නැව් දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තවත් 60 දෙනෙකුට වැඩි අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එලෙස අතුරුදන් වූ පිරිස අතර ළමුන් 26 දෙනෙකු සිට ඇති බව සඳහන්. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව 2014 වසරේ සිට සංක්‍රමණිකයන් 23,500ට වැඩි පිරිසක් මධ්‍යධරණී මුහුදේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222